Posts

සිංහල අක්ෂර හැදින්වීම

සිංහල භාෂාව   අක්ෂරය භාෂාවේ කුඩාම ඒකකය යි. අක්ෂරයක් සම්මත පිළිවෙලට පෙල ගැස්වීමෙන් අක්ෂර මාලාව නිර්මාණය වේ. සිංහල බසෙහි කාලින පරිණාමයත් සමග ඇතිවූ වෙනස්කම් නිසා සිංහල හෝඩිය හෝඩි කිහිපයකට බෙදා දැක්විය හැක. නමුත් මේ සියලු හෝඩි වල හරයේ ලොකු වෙනසක් වී නැති බව පැහැදිලිය.    පළමු වරට ලිඛිතව හමුවන නිශ්චිත සිංහල අක්ෂර මාලාව වන්නේ “සිදත් සඟරා හෝඩිය” යි.එය මෙසේ සඳහන් කරයි; "පණකුරු පසෙක් එද - ලුහු ගුරු බෙයින් දසවේ ගතකුරු ද වේ විස්සෙක් - වහරය යුහු සිය බසැ"     මෙම ගද්‍ය ඛණ්ඩය අනුව, ලුහුගුරු (කෙටි දීර්ඝ) ප්‍රාණාක්ෂර 10 ක් ද, ගාත්‍රාක්ෂර 20 ක් ද සහිත වූ සිදත් සඟරා හෝඩියෙහි අක්ෂර මාලාව 30 කි. (පහත "සිදත් සඟරා හෝඩිය" බලන්න.) මෙම හෝඩියේ ‘ඇ, ඈ සහ අඃ’ නැත. මෙහි ඉහත අක්ෂර අන්තර්ගත නොවූව ද සාමාන්‍ය ව්‍යවහාරයේ පැවති බැවින් විවිධ තර්ක විතර්ක පැන නැගුණි. ඒ මත ‘ඇ, ඈ’ අක්ෂර දෙක සහිතව ශුද්ධ සිංහල අක්ෂර මාලාව නිර්මාණය විය. මින් අනතුරුව සංස්කෘත භාෂාවේ බලපෑම මත ප්‍රාථමික විස්තෘත සිංහල හෝඩිය නිර්මාණය වේ. වදන් කවි පොතෙහි අන්තර්ගත මෙහි සම්පූර්ණ අක්ෂර 50 කි. ස්වර 14 ක් හා ව්‍යංජන 36 ක
සිංහල භාෂාව සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා ද? ඇත්තටම සිංහල ඉගෙන ගන්න ආස ද? Comments කරන්න. ඕනෑම ඔබට පහසු භාෂාවකින්..

Sinhala letters (සිංහල අක්ෂර)

Image

Sinhala letters

Image

භාෂාව යනු.......

භාෂාව යනු , මානව වර්ගයා විසින් සන්නිවේදනය මෙන්ම අනෝන්‍ය සම්බන්ධය පවත්වා ගැනීම සඳහා යොදාගන්නා අැබ්බැහිකම පදනම් කොට භාවිත කරනු ලබන වාචික, ශ්‍රව්‍ය,සංකේත සමූහයකින් යුත් ක්‍රම පද්ධතියකි.  මානව සංහතියේ ආරම්භයේ පටන්ම මෙම භාෂාව යන්න  යම් ආකාරයකින්  සලකුණු වශයෙන් හෝ සංකේත වශයෙන් හෝ වෙනත් ආකාරයකින් මෙම භාෂාව මිනිසාගේ ආරම්භය පටන්ම පැවැත එන දෙයක් බව සියලුදෙනාම විවාදයකින් තොරව පිළිගන්නා වූ කරුණක් වුවත් භාෂාවේ ආරම්භය පිළිබඳ තවමත්  නිසි ස්ථිර පිළිතුරක් ලබාදීමට ාග් විද්‍යාඥයන් සමත් වී නොමැත.   කෙසේ වුවත් භාෂාව යනු සෑම මිනිසෙකුටම අනිවාර්යෙන්ම ්‍යවශ්‍ය වූ කාරණාවක් වනුයේ තමන්ගේ හැඟීම් තමන්ගේ දැනීම් තමන්ගේ අදහස් අනුන් සමග බෙදා හදා ගැනීම සඳහා ාධ්‍යයක් ලෙසින් මෙම භාෂාව කටයුතු කරන බැවිනි. මෙලෙසින් යම් භාෂාවක් සෑම පුද්ගලයකුම කිනම් හෝ ආකාරයකින් දැන සිටි. එහෙත් දැන සිටින භාෂාවන් ගණන වැඩිවෙත්ම ඔහු බුද්ධිමත් පුද්ගලයෙකු ලෙසින් හැඳින්වීමට හැකි වන්නේ ඔහු දන්නා භාෂාවන් ගණන  වැඩි වීමත් සමගම ඔහු යම් දෙයක් පිළිබඳව දැනගන්නා කරුණුද වැඩිවීම නිසාය.  මෙම නිසා ශ්‍රී ලංකාව වැනි රටක් තුළ පුද්ගලයෙක් සිංහල භාෂාව දැනසිටීම අනි