සිංහල අක්ෂර හැදින්වීම
සිංහල භාෂාව අක්ෂරය භාෂාවේ කුඩාම ඒකකය යි. අක්ෂරයක් සම්මත පිළිවෙලට පෙල ගැස්වීමෙන් අක්ෂර මාලාව නිර්මාණය වේ. සිංහල බසෙහි කාලින පරිණාමයත් සමග ඇතිවූ වෙනස්කම් නිසා සිංහල හෝඩිය හෝඩි කිහිපයකට බෙදා දැක්විය හැක. නමුත් මේ සියලු හෝඩි වල හරයේ ලොකු වෙනසක් වී නැති බව පැහැදිලිය. පළමු වරට ලිඛිතව හමුවන නිශ්චිත සිංහල අක්ෂර මාලාව වන්නේ “සිදත් සඟරා හෝඩිය” යි.එය මෙසේ සඳහන් කරයි; "පණකුරු පසෙක් එද - ලුහු ගුරු බෙයින් දසවේ ගතකුරු ද වේ විස්සෙක් - වහරය යුහු සිය බසැ" මෙම ගද්‍ය ඛණ්ඩය අනුව, ලුහුගුරු (කෙටි දීර්ඝ) ප්රාණාක්ෂර 10 ක් ද, ගාත්රාක්ෂර 20 ක් ද සහිත වූ සිදත් සඟරා හෝඩියෙහි අක්ෂර මාලාව 30 කි. (පහත "සිදත් සඟරා හෝඩිය" බලන්න.) මෙම හෝඩියේ ‘ඇ, ඈ සහ අඃ’ නැත. මෙහි ඉහත අක්ෂර අන්තර්ගත නොවූව ද සාමාන්‍ය ව්‍යවහාරයේ පැවති බැවින් විවිධ තර්ක විතර්ක පැන නැගුණි. ඒ මත ‘ඇ, ඈ’ අක්ෂර දෙක සහිතව ශුද්ධ සිංහල අක්ෂර මාලාව නිර්මාණය විය. මින් අනතුරුව සංස්කෘත භාෂාවේ බලපෑම මත ප්‍රාථමික විස්තෘත සිංහල හෝඩිය නිර්මාණය වේ. වදන් කවි පොතෙහි අන්තර්ගත මෙහි සම්පූර්ණ අක්ෂර 50 කි. ස්වර 14 ක් හා ව්‍යංජන 36 ක
Comments
Post a Comment