සිංහල අක්ෂර හැදින්වීම

සිංහල භාෂාව 

අක්ෂරය භාෂාවේ කුඩාම ඒකකය යි. අක්ෂරයක් සම්මත පිළිවෙලට පෙල ගැස්වීමෙන් අක්ෂර මාලාව නිර්මාණය වේ. සිංහල බසෙහි කාලින පරිණාමයත් සමග ඇතිවූ වෙනස්කම් නිසා සිංහල හෝඩිය හෝඩි කිහිපයකට බෙදා දැක්විය හැක. නමුත් මේ සියලු හෝඩි වල හරයේ ලොකු වෙනසක් වී නැති බව පැහැදිලිය.

  පළමු වරට ලිඛිතව හමුවන නිශ්චිත සිංහල අක්ෂර මාලාව වන්නේ “සිදත් සඟරා හෝඩිය” යි.එය මෙසේ සඳහන් කරයි;
"පණකුරු පසෙක් එද - ලුහු ගුරු බෙයින් දසවේ
ගතකුරු ද වේ විස්සෙක් - වහරය යුහු සිය බසැ"

   මෙම ගද්‍ය ඛණ්ඩය අනුව, ලුහුගුරු (කෙටි දීර්ඝ) ප්‍රාණාක්ෂර 10 ක් ද, ගාත්‍රාක්ෂර 20 ක් ද සහිත වූ සිදත් සඟරා හෝඩියෙහි අක්ෂර මාලාව 30 කි. (පහත "සිදත් සඟරා හෝඩිය" බලන්න.)
මෙම හෝඩියේ ‘ඇ, ඈ සහ අඃ’ නැත. මෙහි ඉහත අක්ෂර අන්තර්ගත නොවූව ද සාමාන්‍ය ව්‍යවහාරයේ පැවති බැවින් විවිධ තර්ක විතර්ක පැන නැගුණි. ඒ මත ‘ඇ, ඈ’ අක්ෂර දෙක සහිතව ශුද්ධ සිංහල අක්ෂර මාලාව නිර්මාණය විය. මින් අනතුරුව සංස්කෘත භාෂාවේ බලපෑම මත ප්‍රාථමික විස්තෘත සිංහල හෝඩිය නිර්මාණය වේ. වදන් කවි පොතෙහි අන්තර්ගත මෙහි සම්පූර්ණ අක්ෂර 50 කි. ස්වර 14 ක් හා ව්‍යංජන 36 ක් එහි ඇත. ඉන් අනනතුරුව නිර්මාණය වූ විස්තෘත සිංහල හෝඩිය (මිශ්‍ර සිංහල හෝඩිය) අක්ෂර 54 න් යුක්ත වේ. මෙහි අන්තර්ගත “ඇ, ඈ, ඒ, ඕ” අක්ෂර 04 මිශ්‍ර සිංහල හෝඩියේ අන්තර් ගත නොවේ.
ලේඛණ වියවුල් හා විවිධ ගැටළු පැනනැගීම හේතුවෙන් 80 දශකයේ අගභාගයේ ජාතික අධ්ආ‍යාපණ ආයතනය මගින් සිංහල ලේඛණ රීතිය නමින් පොතක් එලි දක්වමින්, නූතන සිංහල අක්ෂර මාලාව හදුන්වා දුනි. මෙහි සම්පූර්ණ අක්ෂර 60 කි. මිශ්‍ර සිංහල හෝඩියට සඤ්ඤක අක්ෂර 5ක් සහ "ෆ" අක්ෂරය එකතු වීමෙන් නූතන සිංහල අක්ෂර මාලාව නිර්මාණය වී ඇත. මෙහි ස්වර 18 ක් හා ව්‍යංජන 42 ක් අන්තර්ගත වේ.



Comments

Popular posts from this blog

භාෂාව යනු.......