Posts

Showing posts from January, 2020

සිංහල අක්ෂර හැදින්වීම

සිංහල භාෂාව   අක්ෂරය භාෂාවේ කුඩාම ඒකකය යි. අක්ෂරයක් සම්මත පිළිවෙලට පෙල ගැස්වීමෙන් අක්ෂර මාලාව නිර්මාණය වේ. සිංහල බසෙහි කාලින පරිණාමයත් සමග ඇතිවූ වෙනස්කම් නිසා සිංහල හෝඩිය හෝඩි කිහිපයකට බෙදා දැක්විය හැක. නමුත් මේ සියලු හෝඩි වල හරයේ ලොකු වෙනසක් වී නැති බව පැහැදිලිය.    පළමු වරට ලිඛිතව හමුවන නිශ්චිත සිංහල අක්ෂර මාලාව වන්නේ “සිදත් සඟරා හෝඩිය” යි.එය මෙසේ සඳහන් කරයි; "පණකුරු පසෙක් එද - ලුහු ගුරු බෙයින් දසවේ ගතකුරු ද වේ විස්සෙක් - වහරය යුහු සිය බසැ"     මෙම ගද්‍ය ඛණ්ඩය අනුව, ලුහුගුරු (කෙටි දීර්ඝ) ප්‍රාණාක්ෂර 10 ක් ද, ගාත්‍රාක්ෂර 20 ක් ද සහිත වූ සිදත් සඟරා හෝඩියෙහි අක්ෂර මාලාව 30 කි. (පහත "සිදත් සඟරා හෝඩිය" බලන්න.) මෙම හෝඩියේ ‘ඇ, ඈ සහ අඃ’ නැත. මෙහි ඉහත අක්ෂර අන්තර්ගත නොවූව ද සාමාන්‍ය ව්‍යවහාරයේ පැවති බැවින් විවිධ තර්ක විතර්ක පැන නැගුණි. ඒ මත ‘ඇ, ඈ’ අක්ෂර දෙක සහිතව ශුද්ධ සිංහල අක්ෂර මාලාව නිර්මාණය විය. මින් අනතුරුව සංස්කෘත භාෂාවේ බලපෑම මත ප්‍රාථමික විස්තෘත සිංහල හෝඩිය නිර්මාණය වේ. වදන් කවි පොතෙහි අන්තර්ගත මෙහි සම්පූර්ණ අක්ෂර 50 කි. ස්වර 14 ක් හා ව්‍යංජන 36 ක
සිංහල භාෂාව සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා ද? ඇත්තටම සිංහල ඉගෙන ගන්න ආස ද? Comments කරන්න. ඕනෑම ඔබට පහසු භාෂාවකින්..

Sinhala letters (සිංහල අක්ෂර)

Image

Sinhala letters

Image